**මීට වසර ගණනාවකට පෙර රූපවාහිනිය ඔස්සේ නිකුත් වීමෙන් පසු ප්රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් සුජාත දියණිය, අභීත දියණිය, ඉසිවර වෙදදුරු වැනි කතා මාලා වලට සමීප කතා තේමාවක් රැගත් නවතම කොරියානු කතා මාලාව සම්බන්ධයෙන් මේවන විට විශාල ප්රේක්ෂක ආකර්ෂණයක් හිමි වී තිබෙනවා. එහි අවසානය සිදු වීට නියමිතව ඇත්තේ අද දිනයි.
ඒ අනුව පසුගිය අගෝස්තු 23 වනදා විකාශනය ආරම්භ කළ Historical Drama | Romance | Comedy කාණ්ඩයන්ට මෙම Bon Appétit Your Majesty කොරියානු කතා මාලාවේ 12වන සහ අවසන් කතාංගය අද නිකුත් වනවා.
පළමු කතා සමය මේවන විට දකුණු කොරියාවේ සහා ප්රධාන රටවල් කීපයක් Netflix නැරඹුම් වාර්තා අලුත් කර ඇති අතර අවසන් කතාංගය මෙරට වේලාවෙන් අද සවස (5.40ට පමණ) නිකුත් වීමට නියමිතයි.
#BonAppétitYourMajesty #Netflix**
